FAST NEWS

24×7 Around the Globe

පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් පෙත්සම කල් තැබේ..

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය මඟින් තමන්ට පනවා ඇති ගනුදෙනු සීමා කිරීමේ තීරණයෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බැවින්  එම තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් පෞද්ගලික සමාගම සහ ඊට අනුබද්ධ සමාගම්  ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන ජූලි 26 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) තීන්දු කළේය.

ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස් මහතා සහ අර්ජුන් ඇලෝෂියස්  මහතා ඇතුළු පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් පෞද්ගලික සමාගම සහ අනුබද්ධ සමාගම් එම පෙත්සම ගොනු කර තිබේ.