FAST NEWS

24×7 Around the Globe

පාළාත් පාලන මැතිවරණය නව ක්‍රමයකට..

පළාත් පාලන මැතිවරණය නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්වීමට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකමතිකව තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ ඊයේ(19) රාත්‍රී පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාවයට පැමිණ තිබේ.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පුමුඛ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසක් සහ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී ඇති බව වාර්තාවේ.

මෙහිදි පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබේ.