FAST NEWS

24×7 Around the Globe

මාධ්‍යවේදි පොද්දල ජයන්ත CID යයි..

පසුගිය රජය සමයේ පැහැරගෙන ගොස් අමානුෂික ලෙස වද දී අත පය කඩා දැමීම ගැන විමර්ශනයක් ඉල්ලා මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය , තවත් මාධ්‍ය සංවිධාන කිහිපයක් සහ සමාජ ක්‍රියාකාරීන් පිරිසක් සමඟ ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු සභාපති ඔහුය.

2009 ජූනි මාසයේ දී සුදු වෑන් රියකින් පැහැරගෙන අත පය කඩා මහ මඟ දමා ගොස් සිටිය දී රෝහල් ගත කැරුණු ජයන්ත මහතා පසුව රට හැර ගියේය.