එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල ප‍්‍රචාරක රැළිය අද (17) පස්වරුවේ පැවැත්වෙනවා. ඒ, අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩාංගණයේදීයි. මෙම රැළිය සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද සහභාගිවීමට නියමිතයි.
රැළිය පැවැත්වෙන්නේ ‘‘රටට පන දෙමු – අලූතින් පටන් ගමු ’’ යන තේමාව යටතේයි. සන්ධානයේ සියලූ පක්‍ෂ නායකයින් ඊට සහභාගි වන බවයි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කළේ.







