ඩෙංගු වැළැක්වීමේ පියවරක් ලෙස කසළ කළමනාකරණය සඳහා තාවකාලිකව අද(18) සිට ත්‍රිවිධ හමුදාව යෙදවීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඩෙංගු මර්දනය කිරීමේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ දැනුවත් කිරීමේ ප්රවෘත්ති සාකච්ඡාවකට ඊයේ(17) එක්වෙමින් පැවැසීය.
එමෙන්ම අමාත්‍ය රාජිත සේනාරත්න මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේ ඩෙංගු රෝගීන් සඳහා සිදුකරන පූර්ණ රුධිර පටල පරීක්ෂාව සඳහා රුපියල් 250 ක මිලක් නියම කරන බවයි.








