FAST NEWS

24×7 Around the Globe

කැළණිය විශ්වවිද්‍යාලය සතියක් වැසේ..

කැළණිය විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාලය තුළ පැතිර යන උණ රෝගයක් හේතුවෙන් අද(16) දහවල් 12 සිට සතියක කාලයක් වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ.

පාලනාධිකාරිය සඳහන් කළේ විශ්වවිද්‍යාලයේ සියලූම පීඨ මේ අනුව වසා දැමෙන බවයි.

අද(16) පෙරවරුවේ විශ්වවිද්‍යාලයේ දේශන පැවැත්වෙන අතර, නේවාසිකාගාරවල සිටින සියලූම සිසුන්ට අද දහවල් 12 න් පසු ඉවත්වන ලෙසද දැනුම්දී තිබේ.