FAST NEWS

24×7 Around the Globe

චැම්පියන්ස් කුසලාන අවසන් සටනට ඉන්දියාව..

2017 චැම්පියන්ස් කුසලාන එක්දින තරගාවලියේ ඉන්දියාව හා බංග්ලාදේශය අතර ඊයේ (16)  පැවති දෙවන අවසාන පූර්ව තරඟයෙන් කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ඉන්දීය ආරාධයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමීත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් පමණක් දැවි  ලකුණු 264 ක් ලබාගත්තේය.

ඉන්දියාව පන්දුවාර 40 යි 01 ක් පන්දුවක් තුළ 01 කඩුල්ලක් පමණක් දැවී ලකුණු 265 ක් ලබා ගෙන සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.

එ අනුව එළඹෙන 18 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා පාකිස්තාන කණ්ඩායම සමග මුහුණ දීමට ඉන්දියා කණ්ඩායම සුදුසුමු කම් ලැබීය.

(DE සිල්වා)