FAST NEWS

24×7 Around the Globe

ගෝඨාගේ අත්අඩංගුවට නොගන්නැයි පෙත්සම කල් තැබේ..

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (15)  ඔක්තෝබර් 24 වනදා දක්වා කල් තැබිමට තීරණය කළේය.

අග්‍ර විනිශ්චකාර ප්‍රියසාද් ඩෙප් මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල විසින් ඉදිරියේදි අද එම පෙත්සම කැඳවිණි.

මිග් යානා ගනුදෙනුව ඇතුළු සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බවත් එය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙර අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර පනවා තිබූ තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තුරු ක්‍රියාත්මක වන බව මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර සිටියේය.

(DE සිල්වා)