FAST NEWS

24×7 Around the Globe

තාජුඩීන් නඩුව – සමරසේකර පිළිබඳ පරික්ෂණ මෙම මස අවසන්..

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ අස්ථි කොටස් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා සම්බන්ධ පරීක්ෂණය මේ මාසයේ දී අවසන් කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද(15) දැනුම් දෙනු ලැබීය.

එසේම තාජුඩීන් ඝාතනයට අනුබල දීම සම්බන්ධයෙන් පසුගියදා ඇප නියම වී නිදහස ලද හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අද අධිකරණයට පැමිණි අතර නඩු විභාගය ලබන ජූලි 27 වැනිදා තෙක් කල් තැබිණි.

(DE සිල්වා)