FAST NEWS

24×7 Around the Globe

උතුරේ බහුතර මන්ත්‍රී බලය පෙන්වන්නැයි කුරේ සී.වී ට දන්වයි..

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාගෙන් ,උතුරු පළාත් සභාවේ බහුතර මන්ත්‍රි පිරිසක් තමන් සමග සිටින බව ලිඛිතව පෙන්වන්නැයි ලිඛිතව ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව එහි මන්ත්‍රීවරු 21ක් විශ්වාසභංග යෝජනාවක් ඊයේ (14දා) පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා භාරදුන් අතර, ඒ අනුව ප්‍රධාන අමාත්‍යවරයාගෙන් මෙසේ බහුතරය පෙන්වන ලෙසට ඉල්ලා ඇති බව පැවසේ.

උතුරු පළාත් සභාවේ මන්ත්‍රි ආසන සංඛ්‍යාව 38ක් වන අතර ඉන් මන්ත්‍රීවරු 21 දෙනෙකු විසින් ඊයේ ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය.

(DE සිල්වා)