සැම්සුන් සමාගම විසින් මෙතෙක් නිෂ්පාදනය කර ඇති සිහින්ම ජංගම දුරකතනය වෙළඳපොළට හඳුන්වාදී ඇත.
ගැලැක්සි A8 ලෙස නම් කර ඇති මෙම ස්මාර්ට්ෆෝන් උපාංගයේ ඝනත්වය මිලි මීටර 5.9ක් වන අතර එය ගැලැක්සි S6 එජ් දුරකතනයේ ඝනත්වයට වඩා 85% කින් අඩුවේ.
සිහින් වුවත්, මෙම උපාංගය වැඩි බලයක් ඇති 3,050mAh වර්ගයේ බැටරියක් සහ මෙගා පික්සල් 16 කින් යුත් කැමරාවකින්ද යුක්ත වේ.
සැම්සුන් ආයතනය විසින් පවසා ඇති අන්දමට එය දැනට නිකුත් කර ඇත්තේ චීනයේ සහ සිංගප්පූරුවේ වෙළඳපොළට පමණයි.
සාමාන්‍යයෙන් මෙවැනි සිහින් දුරකතන මුහුණ පාන ගැටළුවක් වන්නේ භාවිතාකරන්නාගේ සාක්කුව තුළදී නැමීමට හෝ ඇදවීමට ලක්වීමට ඇති හැකියාවයි. එයට පිළියමක් ලෙස, ලෝහ වලින් තැනූ බාහිර ආවරණයක් ගැලැක්සි A8 උපාංගය සඳහා යොදාගෙන තිබේ.
මෙම නව ස්මාට්ෆෝන් උපාංගය මිලෙන් ඇමෙරිකානු ඩොලර් 515ක් වේ.





