FAST NEWS

24×7 Around the Globe

දුම්රිය හරස් මාර්ග අලුත්වැඩියාවකින් මාර්ගය වැසේ..

ඇතුමල්පිටිය මාර්ගයේ, හිඟුරක්ගොඩ – පොළොන්නරුව දුම්රිය ස්ථාන අතර පිහිටි ලක්ෂ උයන දුම්රිය නැවතුම්පොළ අසල පිහිටි දුම්රිය හරස් මාර්ගය අද (15දා) සිට 18 වැනිදා දක්වා වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම ස්ථානයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීම හේතුවෙන් මෙලෙස වසා තැබෙන බව එම දෙපාර්තුමෙන්තුව වැඩි දුරටත් පවසයි.

මේ අනුව අද (15දා), හෙට (16දා) හා 18 දිනවල පෙ.ව. 07.00 සිට ප.ව. 20.30 දක්වා අර්ධ වශයෙන්ද, අනිද්දා (17දා) සිට පෙ.ව. 07.00 සිට ප.ව. 20.30 දක්වා සම්පූර්ණ වශයෙන්ද වසා තැබෙන බව සඳහන්.

මෙම හේතුවෙන් අර්ධ වශයෙන් වසා තැබෙන කාලය තුළ මෙහි වාහන ධාවනය කිරීමේදී වාහන හැසිරවීම සඳහා සහාය දක්වන අතර, සම්පූර්ණ වශයෙන් වසා තැබෙන කාලය තුළ කර්මාන්තපුර පාර විකල්ප මාර්ග වශයෙන් භාවිත කළ හැකි බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

(DE සිල්වා)