FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති කොමීසමට කැඳවේ..

බරපතළ වංචා විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසම වෙත අද (15 ) දින හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා කැඳවා ඇති බව එම කොමීසම පවසයි.

කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවට අයත් රුපියල් කෝටි ගණනක්‌ වටිනා යන්ත්‍රසූත්‍ර යකඩවලට කඩා විකිණීම සම්බන්ධයෙන් විමර්ශනයකට අදාළ ප්‍රශ්න කිරීම සඳහා හෙතෙම අද සවස 3.30 ට කොමීසම වෙත කැඳවා ඇති බවත් පැවසේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් උතුරු පළාත් හිටපු ආඥපතිවරුන් වන මේජර් ජෙනරාල් සතුරුසිංහ සහ උදය පෙරේරා මහත්වරුන්ගෙන් ජනාධිපති කොමිසම ඊයේ (14 ) ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත්තේය.

යුද්ධයෙන් පසු ඉකුත් 2010 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්‌වා වූ කාලසීමාව තුළදී කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාවට අයත් රුපියල් කෝටි ගණනක්‌ වටිනා යන්ත්‍රසූත්‍ර යකඩවලට කපා විකුණා තිබිණි.

එම ජාවාරම එවකට ආරක්‌ෂක හමුදාවේ ඉහළම නිලධාරීන්ගේ අනු දැනුම මත සිදු වූ බවට චෝදනා එල්ල වී ඇත.

(DE සිල්වා)