FAST NEWS

24×7 Around the Globe

ඉල්ලා අස්වන්නැයි සි.වී ගෙන් උතුරු ඇමතින්ට නියෝග..

උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය ටි.කුරුකුලරාජාට හා උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පි.ඓන්ගරනේෂන් හට සිය අමාත්‍යධූර වලින් ඉල්ලා අස්වන ලෙසට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වී.විග්නේශ්වරන් මහතා අද (14) නියෝග කර ඇති බව වාර්තා වේ.

අදාළ අමාත්‍යවරුන්ට අමතරව පළාත් සභා සෞඛ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ පි.සත්‍යලිංගම්ට හා උතුරු පළාත් ප්‍රවාහන හා ධීවර අමාත්‍ය ලෙස කටයුතු කරන පි.ඩෙනිශ්වරන්ටද තාවකාලිකව සිය අමාත්‍ය ධූරවලින් මසක කාලයකට ඉවත් වන හෙතෙම සඳහන් කර ඇති බවද පැවසේ.

පළාත් අමාත්‍යවරුන්ට එරෙහිව පැවති දූෂණ හා වංචා විමර්ශනය කළ කමිටුවේ පිටු 86 කින් යුතු විමර්ශන කමිටු වාර්තාව පළාත් සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විග්නේශ්වරන් මහතා මෙම නියෝගය කර ඇති බව සඳහන්.

උතුරු පළාත් සභා නියෝජිතයින්ගේ එකඟතාවය මත විශ්‍රාමික විනිසුරු එස්.ත්‍යාගේන්ද්‍රන්, විශ්‍රාමික විනිසුරු එස්.පරමරාජා හා විශ්‍රාමික පරිපාලන සේවා නිළධාරි එස්.පද්නමාදන්ගෙන් යුතු තිපුද්ගප කමීටුවක් විසින් පළාත් අමාත්‍යවරුන්ට එල්ල වී ඇති වංචා හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලැබීය.

එ අනුව අදාල වාර්තාවට අනුව පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාට හා පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයාට විරුද්ධව පැවති දූෂණ හා වංචා චෝදනා ඔප්පු වී ඇති බව උතුරු පළාත් සභා ආරංචි මාර්ග පවසයි.

අදාළ විමර්ශන කමිටු වාර්තාව අද (14) දිනයේ පළාත් සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් හා පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් නිදහසට කරුණු විමසා ඇති බවත් , තමන් අදාළ චෝදනාවන් සම්බන්ධයෙන් නිවැරදිකරුවන් වන බව සඳහන් කර ඇති බවද පැවසේ.

උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය ටි.කුරුකුලරාජා

උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පි.ඓන්ගරනේෂන්

පළාත් සභා සෞඛ්‍ය අමාත්‍ය පි.සත්‍යලිංගම්

උතුරු පළාත් ප්‍රවාහන හා ධීවර අමාත්‍ය පි.ඩෙනිශ්වරන්

(DE සිල්වා)