FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප මැති අමැතින්ට ජනපතිගෙන් විශේෂ කැඳවිමක්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් හෙට (15) රාත්‍රි 7.00ට කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේ පැවැත්වෙන විශේෂ රැස්වීමක් සඳහා කැඳවීමක් කර ඇත් ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

ඊයේ (13) පස්වරුව වන විට අදාළ මැති ඇමැතිවරුන්ට මෙම දැනුම්දීම කර ඇති අතර ඊට සහභාගි වීමද ජනාධිපතිවරයා අනිවාර්ය කර ඇති බවද පැවසේ.

එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව මැති ඇමැතිවරුන් සමග සාකච්ඡා කිරීමට නියමිත බවද සඳහන්.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ශ්‍රීලනිපය සකස් කළ යෝජනාද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වේ.

ඊට අමතරව අගෝස්තුවලදී අවසන්වීමට නියමිත එජාප-ශ්‍රීලනිප හවුල් ආණ්ඩුව ඉදිරියට ගෙන යාම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

(DE සිල්වා)