FAST NEWS

24×7 Around the Globe

ගෑස් මීල ඉහළ දැමීමේ ඇමති රවීගේ කැබිනට් පත්‍රිකාව ඉවතට..

ලිට්‍රෝ ගෑස් මීල ඉහළ දැමීමට හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් ඉවත දැමීමට ඊයේ (13දා) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ.

පසුගිය වසර තුළ ලිට්‍රෝ ගෑස් සමාගම රුපියල් මිලියන 290ක පාඩුවක් ලබා තිබීම හේතුවෙන් ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් වාර්තා වේ.

ජනතාවට සහන සැලසීමක් වශයෙන් මෙම අවස්ථාවේදී ගෑස් මිල ඉහළ නොදැමිය යුතු බවත් අදාළ කැබිනට් පත්‍රිකාව පසුවට සලකා බැලීමට තීරණය වී ඇත බවත් පැවසේ.

(DE සිල්වා)