FAST NEWS

24×7 Around the Globe

වාරිමාර්ග ඉංජිනේරුවරු අද විරෝධය පාති…

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරු අද (13 වැනිදා) දහවල් 12.30 සිට 1.00 දක්වා දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයකට නිරත වීමට සැරසෙති.

වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයට වාරි ඉංජිනේරු තාක්ෂණය පිළිබඳව නොදන්නා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියකු ‍ලේකම්වරයා ලෙස පත් කිරීමට විරෝධය දක්වමින් මෙම විරෝධතාවයේ සංවිධානය කර ඇති බව එම දෙපාර්තුමේන්තු ඉංජිනේරුවරු පවසති.

විරෝධතාවට සාධාරණ පිළිතුරක් බලධාරීන් නොදෙන්නේ නම් ඉදිරි සති කීපය තුළ අඛණ්ඩ උද්ඝෝෂණයකට තම සංගමය අවතීර්ණ වන බව වාරිමාර්ග දෙපාර්තමෙන්තුවේ වාරි ඉංජිනේරුවන්ගේ සංගමය පවසයි.

වාරි තාක්ෂණය පිළිබඳ නොදන්නා නිලධාරියකු අමාත්‍යාංශ ‍ලේකම්වරයා ලෙස පත්කිරීමෙන් මෙරට වාරි කර්මාන්තයේ සංවර්ධනයට දැඩි බලපෑමක් සිදුවනු ඇති බවද එම සංගමය වැඩි දුරටත් පෙන්වා දෙයි.

(DE සිල්වා)