FAST NEWS

24×7 Around the Globe

රාජගිරිය ගුවන් පාලම් නියමීත දිනට පෙර විවෘත වෙයි !

2018 දෙසැම්බර් මාසයේදී වීවෘත කිරීමට සැලසුම් කර තිබු  රාජගිරිය මංසන්ධියේ ගුවන්පාලම් දෙකම නියමිත කාලයට පෙර, එනම් මේ වසරේ දෙසැම්බර් මාසය විවෘත කිරීමට කටයුතු කරන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

කොටස් දෙකක් ලෙස පාලම් දෙකක් සෑදීමට කටයුතු කර ඇති බැවින් එහි එක් පාලමක වැඩ නිමකිරීමට නියමිතව පැවතියේ 2018 දෙසැම්බර් මාසයේදී බවද , නමුත් මේවන විට එම කොටස් දෙකේම වැඩකටයුතු කාර්යක්ෂමව සිදුවන බවත් රාජගිරිය ගුවන්පාලම ආශ්‍රිත වැඩබිමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

එහෙයින් 2018 දෙසැම්බර් මාසයේ නොව මෙම වර්ෂයේ දෙසැම්බර්  මාසයේ විවෘත කිරීමට හැකි බව හෙතම අවධාරණය කර සිටියේය.

එ අනුව මෙම ව්‍යාපෘතිය සැලසුම් කළ සම්පූර්ණ කාලයට ප්‍රථමයෙන් නිමා කරන බැවින් කලින් ඇස්තමේන්තු කළ බිලියන 4.5ට වඩා අඩු මුදලකින් නිමා කළ හැකිවෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

(DE සිල්වා)