FAST NEWS

24×7 Around the Globe

ඇමති ලක්ෂමන් යාපාගේ පුත් ඔසඳට වරෙන්තු..

අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් ඔසඳ යාපා අබේවර්ධන රථවාහන නඩුවක් සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය මඟින්  අද (13)  වරෙන්තු නිකුත් කළේය.

ඔහුට නඩු පවරා ඇත්තේ මෙරට වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රියපැදවිම, අනතුරක් වලක්වා නොගැනීම , පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කිරිම ඇතුළු චෝදනා 05 යටතේයි.

එසේම නඩුව නැවතත් ඔක්තෝබර් 3වනදා නැවත කැඳවීමට අධිකරණය නියෝග කළේය.

(DE සිල්වා)