FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංගම සේවකයෝ ජනපතිට රතු එළි දල්වති…

ලංගම සේවකයන්ට ලැබිය යුතු වැටුප් වර්ධක හා සුබසාධන පහසුකම් නොලැබුණහොත් කොයි මොහොතක හෝ එම ඉල්ලීම් දිනා ගැනීමට වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට හෝ අධිකරණ ක්‍රියාමාර්ගයන්ට පිවිසෙන බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත දැනුම්දී ඇති බව එම සංගමය පවසයි.

ලංගම සමස්ත සේවකයන් දැඩි කලකිරීමකින් පසුවන හෙයින් මේ ක්‍රියාමාර්ගවලට යොමුවිය හැකි බව ජනාධිපතිවරයාට  ලිපියක් යොමු කරමින් දන්වා ඇති බව එම සංගමය කියයි.

රජයේ සේවකයන් වෙත 2016 සහ 2017 වර්ෂවල ලැබුණු වැටුප් වර්ධක ශ්‍රී ලංගම සේවකයන්ට මෙතෙක් ලැබී නැතැයිද සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් වේ.

ඒ අනුව රජයේ සේවකයන්ට 2016 ජනවාරි මස ලබා දුන් රුපියල් දෙදහස් පන්සියයක මුදල සහ 2017 ජනවාරි මස රජයේ සේවකයන්ට ලබා දුන් රුපියල් එක්දහස් නවසියයක මුදල හෝ මෙතෙක් ශ්‍රී ලංගම සේවකයන්ගේ මූලික වැටුපට එකතු වී නැති බවද එම සංගමය පවසා සිටී.

ඒ අනුව රුපියල් හාරදහස් හාරසියයක මුදලක් මාසිකව ශ්‍රී ලංගම සේවකයන්ට අහිමි වන අතර අවම වශයෙන් වැඩි කළ රුපියල් දස දහසක මුදලින් අර්ථසාධක අරමුදල සඳහාවත් මුදල් අයකර ගැනීමට මහා භාණ්ඩාගාරය මෙතෙක් උපදෙස් ලබාදී නැති බවත් එම සංගමය ජනාධිපති වෙත යැවූ ලිපියේ සඳහන් වෙයි.

(DE සිල්වා)