FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය සභාවේ සභාපති ධූරය තවදුරටත් කාලෝට දෙන්නැයි ඉල්ලයි..

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරය තවදුරටත් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාටම ලබාදෙන්නැයි සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයාගේ ධූර කාලය තාවකාලිකව විටින් විට දීර්ඝ කරනු වෙනුවට ස්ථිර වශයෙන් ඔහුට එම ධූරය පිරිනැමිය හැකි යෝජනා තම සංගමය සෞඛ්‍ය ඇමැතිවරයාට ලබාදී ඇතැයි ද ඒවා සෞඛ්‍ය ඇමැතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම වැඩි දුරටත් පවසයි.

(DE සිල්වා)