FAST NEWS

24×7 Around the Globe

බැඳුම්කර විමර්ශනයේදී ඇතැම් තොරතුරු ලබාදීම ප්‍රතික්‍ෂේප කළා..

රජයේ විගණකාධිපතිවරයාට ඕනෑම ලේඛනයක්‌ පරීක්‍ෂා කිරීමට බලය තිබුණත් මහ බැංකුවේ බැඳුම්කර නිකුතු සම්බන්ධ විමර්ශනයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රහසිගතභාවය යන කරුණු ඉදිරියට දමමින් විගණන විමර්ශනයට අදාළ ඇතැම් තොරතුරු ලබාදීම ප්‍රතික්‍ෂේප කළ බව රජයේ විගණකාධිපති ගාමිණී විඡේසිංහ මහතා ඊයේ (12) බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවේය.

මේ නිසා විගණනයට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ ප්‍රශ්නයක්‌ මුලසිටම මතු වු බවද ,ඉල්ලා සිටි තොරතුරු නොලැබුණු බවත් එම තොරතුරු ලබාදීම ප්‍රතික්‍ෂේප කරමින් මහ බැංකුව කාලය ගත කළ බැවින් විගණකාධිපති දෙපාර්තමේන්තුව අපහසුතාවට පත්වූ බවද විගණකාධිපතිවරයා කොමීසම හමුවේ ප්‍රකාශ කළේය.

විශේෂයෙන් ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවලට අදාළ ද්විතිතියක වෙළෙඳපොළ තොරතරු ලබාදීම මහ බැංකුව විසින් ප්‍රතික්‍ෂේප කළ බවද විගණකාධිපතිවරයා කොමිසමට කීවේය.

තමා ද්විතියික වෙළෙඳපොළ තොරතුරු ලිතව ඉල්ලා සිටියත් එම තොරතුරු මහ බැංකුව සතුව නැතැයි කියමින් එම තොරතුරු ලබා දීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතික්‍ෂේප කළ බවද ගාමිණී විඡේසිංහ මහතා කීවේය.

එම ලිත ඉල්ලීම ඇතුළත් රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත 2016 ජුනි 15 දින යොමු කළ ලිපිය සහ ඊට මහ බැංකුව විසින් එවන ලද පිළිතුර ද විගණකාධිපතිවරයා විසින් කොමිසමට ඉදිරිපත් කළ අතර එය කොමිසමේ විමර්ශණ ලේඛනයක්‌ ලෙස සලකුණු කරන ලදී.

කොමිසම අද (13) පෙ. ව. 9.45 ට යළි රැස්‌වන අතර අද දිනද සාක්‍ෂි දීම සඳහා රජයේ විගණකාධිපති ගාමිණී විඡේසිංහ මහතා කොමිසම හමුවට පැමීණිමට නියමීතය.

(DE සිල්වා)