FAST NEWS

24×7 Around the Globe

විදුලි සේවකයෝ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යති !

වැටුප් විශමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සහ විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරියේ අත්තනෝමතික පාලනයට විරෝධය පාමින් එළැඹෙන 28 වැනිදායින් පසු විදුලි බල මණ්ඩලයේ සියලු වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට සූදානම් බව පොදු සේවක සංගමයේ සභාපති මාලක සිල්වා පවසයි.

නීත්‍යනුකූල නොවන ලෙස ලං.වි.ම. ඉන්ජිනේරුවන් ලබාගත් ඊ ස්කේල් (E-scale) වැටුප් තලයට විරෝධය පළ කිරීම, දැනට පවතින වැටුප් විසමතාව ඉවත් කිරීම, පසුගිය කාලයේදී වෘත්තීය සමිති ගත් වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එරෙහිව පාලනාධිකාරිය සිදුකරන පළිගැනීම්වලට විරෝධය පළකිරීම, සභාපති යටතේ පවතින නීති අංශය සහ අභ්‍යන්තර විගණන අංශය සාමාන්‍යාධිකාරී යටතට ගැනීමට දරන ප්‍රයත්නයට විරෝධය පෑම ඇතුළු ලං.වි.ම පාලනාධිකාරියේ අත්තනෝමතික පරිපාලනයට විරුද්ධ වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මේ ක්‍රියාමාර්ගය වෙත යොමු වන බවද ඔහු පැවසුවේය.

(DE සිල්වා)