FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමති හා පෞද්ගලික ලේකම්ට නොතිසී..

හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට හා ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට ලබන අගෝස්තු 21 අධිකරණයේ පෙනී සිටින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද(12) නොතිසි නිකුත් කළේය.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ ස්ථාපිත කර නොමැති තනතුරක් සදහා පෞද්ගලික ලේකම්වරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් මෙම දෙදෙනාට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා ඇත.

2011 අගෝස්තු 16 වනදා සිට 2012 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ස්ථාපිත කර නොමැති සංවර්ධන සැලසුම් සම්බන්ධීකරණ පෞද්ගලික ලේකම්වරයා ලෙසයි මෙම පත් කිරීම සිදුකර තිබේ.

ඒ අනුව හිටපු අමාත්‍යවරයා සිය ධුර කාලය තුළ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය දූෂණ, අක්‍රමිකතා සිදුකිරීමට පෙළඹවීම ඇතුළු චෝදනා 5 කට අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව පවරනු ලැබීය.

(DE සිල්වා)