FAST NEWS

24×7 Around the Globe

පළාත් කිහිපයකට සිහින් වැසි – මුහුදු සුළං දැඩි වෙයි..

දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල සිහින්වැසි වාර කිහිපයක් ඇති වන බවත් සෙසු පළාත්වල ප්‍රධාන වශයෙන්වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අද (12) පෙරවරුවේ නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.

එසේම කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වන බවද සඳහන්.

පුත්තලම සිට මන්නාරම සහකන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලේ දක්වා සහ  මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී.60 දක්වා වැඩිවිය  හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින්විට රළුවිය හැකි බවද කාලගුණ විද්‍යාදෙපාර්තුමේන්තුව පෙන්වා දෙයි.

එසේම දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී.50 දක්වා වැඩිවිය  හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළුවිය හැකි බැවිත් ධිවර සහ නාවික ප්‍රජාවට මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් එම දෙපාර්තුමේන්තුව ඉල්ලා සිටියි.

(DE සිල්වා)