FAST NEWS

24×7 Around the Globe

“ජනාධිපතිවරයා මහින්දට කනේ පාරක් ගහලා රනිල්ට පන්සල් ටොක්කක් ඇන්නා” (වීඩියෝ)

ජනාධිපතිවරයා මහින්දට කනේ පාරක් ගහලා රනිල්ට පන්සල් ටොක්කක් ඇන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා අද (16) ජවිපෙ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

“ජනාධිපතිවරයාගේ විශේෂ ප‍්‍රකාශයේ තවත් වැදගත් දෙයක් තිබෙනවා. මහින්දට කනේ පහරක් ගහලා රනිල්ට පන්සල් ටොක්කක් ඇනලා තිබෙනවා. කියමනක් තිබෙනවා, පන්සල් ටොක්කක් ඇන්නාම උගුරට ලේ රහ දැනෙනවා කියලා. ජනාධිපතිරවයා මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රනිල්ට පන්සල් ටොක්කක් ඇන්නා. බැඳුම්කර වංචාව සිදුවුණු වෙලාවේ අර්ජුන් මහේන්ද්‍රන් ඉවත් කරන්න කියලා තමන් යෝජනා කළ බවත් අගමැතිවරයා එයට නෑසූ කන්ව සිටි බවත් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා.

පහුගිය කාලය තුළ මෙම මූල්‍ය ගනුදෙනුව පිළිබඳ වංචාවක් සිදුවුණාද? නැද්ද? කියලා විවිධ කතාබහ ඇතිවුණා. නමුත් මෛතී‍්‍රපාල ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශයට අනුව නිශ්චිත ලෙසම මහබැංකු බැඳුම්කර වංචාවක් සිදුවී තිබෙන බවට සීල් ගැසුවා මෙන් තහවුරු වෙලා තිබෙනවා. ඒ වගේම මීට පෙර අවස්ථාවකදී ජනාධිතිවරයා කියා තිබුණා, එම වංචාව සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට කමිටුවක් යෝජනා කළා කියලා. නමුත් රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා සිරිකොතේ වැඩකරන තුන් දෙනෙක් ඒ පරීක්‍ෂණයට නම්කළා. ඒනිසා එම ගනුදෙනුවේ මුල සිටම රනිල් වික‍්‍රමසිංහ මැදිහත් වෙලා ජාවාරම්කරුවන් ආරක්‍ෂා කළා. ”

සම්පුර්ණ කතාව පහතින්

[youtube url=”https://www.youtube.com/watch?v=S2wFGX6uE-Q” width=”560″ height=”315″]