FAST NEWS

24×7 Around the Globe

රජයේ විගණකාධිපතිවරයා අද බැදුම්කර කොමීසමට..

රජයේ විගණකාධිපති ගාමිණී විඡේසිංහ මහතා ජනාධිපති බැඳුම්කර කොමීසමට සාක්‍ෂි ලබා ගැනීම සඳහා අද (12 )  කැඳවා ඇති බව එම කොමීසම පවසයි.

ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවලට අදාළ රජයේ විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ වාර්තාව කොමිසම හමුවේ සලකුණු කර ඒ පිළිබඳ රජයේ විගණකාධිපතිවරයාගෙන් සාක්‍ෂි විමසීමට නියමිත බවත් එම කොමීසම වැඩි දුරටත් සඳහන් කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාගේ (සභාපති) ප්‍රධානත්වයෙන් අද උදේ 9.45 ට කොමිසම රැස්‌වේ.

(DE සිල්වා)