FAST NEWS

24×7 Around the Globe

අස්ථානගත වු රියැදුරු බලපත්‍ර සඳහා නව බලපත්‍ර නොමීලේ..!

ආපදා තත්වය හමුවේ පීඩාවට පත්වුවන්ගේ අස්ථාන ගතවු රියදුරු බලපත් කිසිදු ගාස්තු අය කිරිමකින් තොරව නැවත ලබා දීමට රජය තීරණය කර ඇතැයි ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

එ අනුව ග්‍රාම සේවා සහතිකය හා රියදුරු බලපත්‍රය නැති වු බවට පොලීසියට කරන ලද පැමීණිල්ල මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ඉදරිපත් කළ විට මෙම සහනය හිමී වන බව හෙතෙම පැවසීය.

එ අනුව රියැදුරු බලපත්‍ර කාඩ් පත වෙනුවෙන් සඳහා දෙපාර්තුමේන්තුවට වැයවන මුදල අය නොකිරීම සඳහා තීරණය කර ඇති බවත් රජයට අයවන මුදල කැබිනට් පත්‍රිකාවක් මගින් අය නොකිරීමට සම්මත කර ගැනීමට නුදුරේම කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එ අනුව ගාස්තු අය නොකර අපදාවන්ට පත් වුවන්ගේ අස්ථාන ගතවු රියැදුරු බලපත්‍රය මොටර් රථ වාහන දෙපාර්තුමේන්තුව මගින් ඉදිරියේදි කටයුතු කෙරෙන බව හෙතම වැඩි දුරටත් පැවසීය.

(DE සිල්වා)