පෝෂණවේදීන්ගේ ගණන 25 සිට 592 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
එ අනුව පෝෂණවේදය, පශ්චාත් උපාධිය සහිත පෝෂණවේදීන් 567 ක් බඳවාගැනීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවත් අමාත්‍යාංශය පවසයි.
පෝෂණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට හා අනෙකුත් කටයුතු සිදු කිරීමට ප්‍රමාණවත් තරම් නිලධාරීන් නොමැති බවත් පෝෂණවේදීන්ගේ සංගමය පෙන්වා දීමෙන් පසු උපාධිය අවසන් කර ඇති 567 දෙනා බඳවාගැනීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.
(DE සිල්වා)








