FAST NEWS

24×7 Around the Globe

ජනපති නියමයෙන් වකුගඩු රෝගීන්ගේ දීමනාව ඉහළට..

වකුගඩු රෝගීන් සඳහා වු රජයෙන් ලබා දෙන මාසික දීමනාව ඉහළ නැංවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව මෙතෙක් කාලයක් ලබා දුන් රුපියල් 3000ක මාසික දීමනාව ඉදිරියේ දී රුපියල් පන් දහස දක්වා වැඩි වනු ඇති බවත් එම කාර්යාලයට වැඩි දුරටත් පවසයි.

( DE සිල්වා)