FAST NEWS

24×7 Around the Globe

උතුර සහ උතුරු මැද වළාකුලින් බර වෙයි – දිස්ත්‍රික් කිහිපයකට වැසි..

අද(09) දිනයේදී උතුර සහ උතුරු මැද පළාත්වල අහස වළාකුළුවලින් බරව පවතින බවත් ,බස්නාහිර, සබරගමුව, මධ්‍යම , දකුණ සහ වයඹ පළාත්වල ස්ථාන කිහිපයක වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.

කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

එසේම මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා ද මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා ද මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමිටර් 40ක් පමණ වූ වේගයකින් සුළං හඹා යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

(DE සිල්වා)