FAST NEWS

24×7 Around the Globe

ජනපති නිළ නිවස අසල ට‍්‍රාන්ස්ෆෝමරයක් ගිනිගනියි..

කොළඹ 07 කැප්පෙටිපොළ මාවතේ පිහිටි ජනාධිපතිවරයා නිළ නිවස ආසන්න පිහිටි විදුලි ට‍්‍රාන්ස්ෆෝමරයක්  අද (7) දහවල්  පුපුරා ගිනිගත් බව කුරුදුවත්ත පොලිසිය පවසයි.

සිද්ධිය දැනුම් දීමත් සමඟ කොළඹ ගිනි නිවන හමුදා මුලස්ථානයේ ගිනි නිවන රථ දෙකක්  එම ස්ථානයට ගොස් ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති බවද පොලීසිය වැඩි දුරටත් පවසයි.

(DE සිල්වා)