FAST NEWS

24×7 Around the Globe

පළාත් 5කට අද දිනයේත් ගිගුරුම් සහිත වැසි..

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට අද(07) දිනයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ පවසා සිටියේ නියඟය පවතින උතුරු පළාතටත් වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක වලට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය අද(07) දහවල් දක්වා ක්‍රියාත්මකය.