FAST NEWS

24×7 Around the Globe

කාර්මික දෝෂයක් නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

ගණේමුල්ල දුම්රිය ස්ථානයේ ධාවනය වෙමින් පැවති දුම්රියක ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත් මේ වන විට එම දුම්රිය ගමනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පැවැසීය.