FAST NEWS

24×7 Around the Globe

කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගයට නැවතත් වරම්..

පසුගිය දිනවල දිවයිනට බලපෑ අපදා තත්වය හේතුවෙන් දැනට පැවැත්වෙන කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගය සඳහා ඉරිපත්වීමට නොහැකිවූ අපේක්‍ෂකයන් සඳහා වෙනත් විකල්ප දිනයක් ලබාදීමට කොරියානු මානව සම්පත් අංශය තීරණය කර තිබේ.

ඊට අදාළව ඉදිරිපත් කළ යුතු අයදුම්පත‍්‍රය ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියේ පළකර ඇති බවත්, විභාග අපේක්‍ෂිතයන් විසින් සම්පූර්ණ කරන ලද අයදුම්පත‍්‍රය ආධාරක ලේඛනද සමග ලබන 12 වැනිදාට ප්‍රථම ආසන්නතම විදේශ සේවා කාර්යාංශයේ මධ්‍යස්ථානයට භාරදිය හැකි බව එම අමාත්‍යාංශය පවසයි.

එසේම  එම අයදුම්පත්‍රය අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගයට නියමිත දිනට ඉදිරිපත් වීමට නොහැකි වූ බවට ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරිවරයා හෝ සමාදාන විනිශ්චයකාරවරයෙකුගෙන් ලබාගන්නා තහවුරු ලිපියක් මගින් සහතික කිරීම අනිවාර්ය බව එම අමාත්‍යාංශය  වැඩි දුරටත් පවසයි.

(ADS)