FAST NEWS

24×7 Around the Globe

සියලූ විදුලි බිඳ වැටීම් යථා තත්වයට..

ගංවතුර හා නාය යැම් හේතුවෙන් සිදු වූ සියලූ විදුලි බිඳ වැටීම් අද (06)  දිනය වන විට සීයයට සීයයකින් යථා තත්ත්වයට පත් කරන බව විදුලි බල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

පසුගියා දිවයිනට බලපෑ ආපදා තත්වයෙන් විදුලි පාරිභෝගිකයින් හය ලක්ෂ විසි හත්දහසකට විදුලිය විසන්ධි කිරීමට සිදු වු බවත් මේ වන විට ඉන් සීයයට අනු නවයකම විදුලි සබඳතා ලබා දි ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

විදුලි සැපයුම්වලින් කොටසක් ආරක්ෂාව පිණිස විසන්ධි කිරිමට සිදුවූ බවත් තවත් කොටසක් ස්වයංකී‍්‍රයව කි‍්‍රයාවිරහිත වූ බවත් එම සියලූ ගැටලූ නිරාකරණය කිරීම සඳහා විශේෂ කණ්ඩායම් හරහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බවත් එ මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

(ADS)