FAST NEWS

24×7 Around the Globe

මහ බැංකුව ඇතැම් තොරතුරු කෝප් කමීටුවට නොදුන් බවට ඇමති හර්ෂ කියයි..

ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවලට අදාළ කෝප් කමීටු පරීක්‍ෂණය සඳහා අවශ්‍ය තොරතුරු කිහිප අවස්‌ථාවකම ඉල්ලා සිටියත් ඇතැම් තොරතුරු මහ බැංකුව විසින් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව වෙත ලබා නොදුන් බව කෝප් සාමාජික සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (5 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින්  ප්‍රකාශ කළේය.

විශේෂයෙන් භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවලට අදාළ ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු මහ බැංකුව විසින් කෝප් සභාවට ලබා නොදුන් බව ද නියෝජ්‍ය ඇමැතිවරයා කොමිසම වෙත සඳහන් කළේය.

අප එම විස්‌තර ලබාගැනීමට කිහිප විටක්‌ම උත්සාහ කළත් මහ බැංකුව එම විස්‌තර නොමැති බව ප්‍රකාශ කළ බව ද ඇමැතිවරයා කීවේය.

හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ වත්මන් අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි යන දෙදෙනා යටතේම එම තොරතුරු කෝප් සභාවට නොලැබුණු බව ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වැඩි දුරටත් බැදුම්කර කොමීසම හමුවේ සඳහන් කර සිටියේය.

(ADS)