FAST NEWS

24×7 Around the Globe

සක්විතිගේ ඇප ලිහිල් නොකරන බව අධිකරණය කියයි..

සක්විති හවුස් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් නමින් සමාගමක් සිදුකළ වංචාවකට අදාළ නඩුවක සම්බන්ධයෙන් සක්විති රණසිංහට පැනවු මුදල් ඇපය අඩු නොකිරීමට කොළඹ මහාධිකරණය අද(05) තීරණය කළේය.

අදාළ සමාගම අරඹා වැඩි පොලී ලබාදෙන බව පවසා පුද්ගලයන් 206 ක් රවටා තැන්පත් කරගත් රු කෝටි 106කට වැඩි මුදලක් වංචා කිරීම ගැන නීතිපතිවරයා ඔහුට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

ලක්ෂ 5ක මුදල් ඇපයක් හා ලක්ෂ 25 බැගින් ශරීර ඇප 4ක් නියම කර ඇති අතර මුදල් ඇපය ගෙවා ගත නොහැකි නිසා එය අඩු කර දෙන ලෙස විත්තියේ නීතිඥවරයා කොළඹ මහාධිකරණයෙන් අද දිනයේ ඉල්ලීමට කටයුතු කළේය.

මෙහිදි නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් කියා සිටියේ අසරණ මිනිසුන්ගෙන් කෝටි 106ක් වංචා කර සැඟවී සිට ඇති අයෙකුගේ මුදල් ඇපය අඩු නොකළ යුතු බවට අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

මෙ පිළිබඳ සළකා බලා ඇප මුදල අඩු කිරීම ප්‍රතික්ෂේප කළ අධිකරණය ජූලි 11 නඩුව කැඳවීමට නියම කළේය.

(ADS)