FAST NEWS

24×7 Around the Globe

නායයෑමේ අවදානමක් නිසා දෙණියාය රාජපක්ෂ විදුහල වැසේ..

නායයෑමේ අවදානමක් පවතින බැවින් එම දෙණියාය රාජපක්ෂ මහ විදුහල දින නියමයක් නොමැතිව වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇතැයි වාර්තා වේ.

විදුහල පිටුපස තිබෙන කන්ද සහ පොළොව යටින් දිය සීරාවක් ගලා බැසීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට දැනුම් දුන් බවත් එම පාසලේ විදුහල්පතිවරීය පැවසුවාය.

ඔවුන් මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කර වාර්තාවක් ලබාදුන් පසු යළි පාසල විවෘත කරන දිනය තීරණය කරන බවත් විදුහල්පතිනිය වැඩිදුරටත් කීවාය.

(ADS)