FAST NEWS

24×7 Around the Globe

මැදපෙරදිග ප්‍රභලයින් 04 ක් කටාරය අත් හරියි..

ත්‍රස්තවාදයට සහය දෙතැයි  චෝදනා කරමින් සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය යට මැද පෙරදිග රටවල් 04 ක් , කටාර් රාජ්‍යය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නතර කර දැමීමට අද (5) තීරණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

කටාරය කලාපයේ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට උපකාර කරන බවට චෝදනා කරන සෞදි අරාබිය කටාර් රාජ්‍ය එරට රජයට අයත් චන්ද්‍රිකා රූපවාහිනි ප්‍රවෘත්ති නාලිකාවක් වන අල් ජසීරා පුවත් සේවය ඔස්සේ ප්‍රචණ්ඩකාරී මූලධර්මවාදී මතවාද ප්‍රචාරණය කරන බවටත් චෝදනා කර ඇති බව සඳහන්.

එමෙන්ම කටාර් රාජ්‍යය සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය යන රටවල් සමඟ අමනාපයෙන් සිටින ඉරානයට ද සහාය දක්වන බවට අදාළ රටවල් චෝදනා කර ඇති බව වාර්තා වේ.

එ අනුව අදාළ රටවල් හතර කටාරය සමඟ තිබෙන සියලු ප්‍රවාහන සබඳතා නවතා දැමීමට තීරණය කර ඇති බවත් , අදාළ රටවල සිටින කටාර් සංචාරකයන්ට සහ සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය යන රටවල පදිංචි වී සිටින කටාර් ජාතිකයන්ට අදාළ රටවලින් පිටවීමට සති දෙකක කාලයක් දී ඇති බවත් සඳහන්.

කටාරය කලාපයේ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට උපකාර කරන බවට චෝදනා කරන සෞදි අරාබිය කටාර් රාජ්‍ය එරට රජයට අයත් චන්ද්‍රිකා රූපවාහිනි ප්‍රවෘත්ති නාලිකාවක් වන අල් ජසීරා පුවත් සේවය ඔස්සේ ප්‍රචණ්ඩකාරී මූලධර්මවාදී මතවාද ප්‍රචාරණය කරන බවටත් චෝදනා කර තිබේ.

කටාරය මේ නිවේදන හෝ ප්‍රකාශ හෝ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් හෝ ප්‍රකාශයක් නිල වශයෙන් කර නොමැත.

(ADS)