FAST NEWS

24×7 Around the Globe

අගමැති රනිල් එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවට

ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවට සඳහා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(5) එක්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කර්යාලය පවසයි.

මෙ වන විට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ගොස් සිටින අග්‍රමාත්‍යවරයාට මෙම ආරාධනය ලැබී තිබේ.

සාගර සහ සමුද්‍ර සම්පත් තිරසර සංවර්ධනය උදෙසා උපයෝගී කරගැනීම සහ සමුද්‍ර හා වෙරළබඩ පරිසර සාධකයන් කළමනාකරණය, ආරක්ෂණය සහ සංරක්ෂණය පිළිබඳව මෙම සමුළුවේදී අවධානය යොමු කෙරේ.

(ADS)