FAST NEWS

24×7 Around the Globe

විධායකය අහොසි කරන අලුත් ව්‍යවස්ථාව මේ වසරේ ගේනවාමයි..

විධායකය අහෝසි කරමින් නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් මේ වසරේදී ස්ථිරවම ගෙන එන බව ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඒ සදහා වූ කටයුතු මේ දිනවල කරගෙන යන බවද කී ඔහු ඇතැම් කරුණුවලට ජනමත විචාරණයක් සිදුකළ යුතු බැවින් ඒ ගැන සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද පවසයි.

නව ව්‍යවස්ථාව මුළු රටේම උවමනාවක් යැයිද ඔහු තව දුරටත් පෙන්වා දෙයි.