FAST NEWS

24×7 Around the Globe

නාය යාමේ අවදානම තවදුරටත්..

දිවයිනේ දිස්ත‍්‍රික්ක 07කට නිකුත් කෙරුණු නාය යාමේ අවදානම තවදුරටත් ක‍්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත‍්‍රික්කවලට මෙම අවදානම පවතින බවයි.

ඒ අනුව එම දිස්ත‍්‍රික්කවල නාය යාමේ සහ පස් කණ්ඩි කඩා වැටීමේ අවදානමක් පවතිනු ඇති.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම ප‍්‍රදේශවල හදිසියේ ඇති වන ආගන්තුක ජල පහරවල් හෝ මඩ මිශ‍්‍රිත ජල ගැලීම් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි.

මේ අතර දිවයිනේ ප‍්‍රදේශ රැසකට අද (04) දිනයේ ද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ යන පළාත්වලට තද වැසි ඇති විය හැකි බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ දිවයින හරහා ද එලෙස තද සුළං ඇති විය හැකි බවයි.