FAST NEWS

24×7 Around the Globe

කුකුළේ ගඟ වේල්ල අනතුරුදායක පුවත සාවද්‍යයි..

කුකුළේ ගඟ ජලාශයේ වේල්ල අනතුරුදායක තත්ත්වයක පවතින බවට පළවු වාර්තා සාවද්‍ය බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එවැනි අවදානමක් නොමැති බව ඉංජිනේරුවන් තහවුරු කර ඇති බවත් සාවද්‍ය මත වලට නොරැටෙන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විදුලබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධන සඳහන් කළේය.

එම වේල්ල අනතුරුදායක තත්ත්වයක පවතින බවට ඊයේ (03) රාති‍්‍රයේ පැතිර ගිය කටකතාවක් හේතුවෙන් එම වේල්ල පහල කොටසේ ජනතාව කලබලයට පත්ව සිටි බව වාර්තා විය.

(ADS)