FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී ගම්මන්පිලට විදේශගත වීමට අවසර…

පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිලට විදේශ ගත වීමට තිබු තහනම තවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අද (02) අවසර ලබා දුන්නේය.

මන්ත‍්‍රීවරයා සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ලබන 12 වැනි දින සිට 15 වැනි දින දක්වා කාලය තුළ , ලාඕසයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සඳහා වන නිල සංචාරයක් සඳහා ඔහුට මහාධිකරණයෙන් අවසර හිමීවිය.

එ අනුව මන්ත‍්‍රීවරයාගේ විදේශ ගමන් බලපත‍්‍රය රුපියල් ලක්ෂ පහක පුද්ගලික බැදුම්කරයක් මත මුදා හැරීමට මහාධිකරණ නියෝග කළේය.

ඔස්ටේ‍්‍රලියානු ජාතිකයෙකුට අයත් ආයතනයක කොටස් අයථා ලෙස ව්‍යාපාරිකයෙකුට විකිණීමෙන් රුපියල් මිලියන 21ක වංචාවක් සිදු කළ බව කියන චෝදනාවකට අදාළ නඩුවකට මීන් පෙර මන්ත්‍රීවරයාට අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් පනවා තිබුණී.

(ADS)