FAST NEWS

24×7 Around the Globe

රුපියල තවදුරටත් අවප්‍රමාණ වෙයි…

2016 වසරේ ඇමරිකානු ඩොලරයට එරෙහිව සීයයට 3.8 ක අවප්‍රමාණය වීමක් වාර්තා කළ ශ්‍රී ලංකා රුපියල 2016 වසර අවසානයේ සිට 2017 මැයි මස 23 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී, තවදුරටත් සියයට 1.8 ක අවප්‍රමාණය වීමක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

එ අනුව වෙනත් විදේශ මුදල් අනුපාතිකයන්ගේ හැසීරිම මත 2017 මැයි මස 23 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල යූරෝ එරෙහිව සියයට 8.0 කින් ද, ඉන්දියානු රුපියලට එරෙහිව සීයයට 6.7 කින් ද, ස්ටර්ලින් පවුමට එරෙහිව සියයට 7.1 කින් ද, ජපන් යෙන්වලට එරෙහිව සියයට 6.2 කින් ද, ඕස්ට්‍රේලියානු ඩොලරයට එරෙහිව සියයට 5.1 කින් සහ කැනේඩියානු ඩොලරයට එරෙහිව සියයට 1.7 කින් ද අවප්‍රමාණය වී ඇති බව එම නිවේදනයෙහි වැඩි දුරත් සඳහන් වෙයි.

(ADS)