FAST NEWS

24×7 Around the Globe

මැතිව්ස්ට විශේෂ පරික්ෂණයක් – ගුරු සිංහගෙන් විශේෂ ප්‍රකාශයක්..

2017 චැම්පියන්ස් කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන  පළමු තරගය හෙට (03) දිනයේ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරගය සදහා ඇන්ජලෝ මැතිව්ස්ට සහභාගි විය හැකි ද යන්න තීරණය කිරීමට ඔහු අද (02) යෝග්‍යතා පරීක්ෂණයකට ලක් කෙරෙන එංගලන්ත වාර්තා පවසයි.

මේ වනවිට මැතිව්ස් තරගයට සහභාගි වීම සදහා සියයට 70 ක පමණ යෝග්‍යතාවකින් පසුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

කෙසේ නමුත්, ඔහු තරගයට සහභාගි කරවන්නේ ද යන්න අද පැවැත්වෙන පරීක්ෂණයෙන් පසු තීරණය කරන බවද හෙතෙම සඳහන් කර තිබේ.

(ADS)