FAST NEWS

24×7 Around the Globe

පනත සම්මත වුනත් ජුලි 02 තෙක් නාම යෝජනා බෑ – මහින්ද

පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධ පනත් සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත වුවත්, ඡන්ද විමසීම සඳහා නාමයෝජනා බාර ගැනීම ලබන ජූලි 1 වැනිදා පසුවනතෙක් සිදුකළ නොහැකි බව ජාතික ඡන්ද දායකයන්ගේ දිනය නිමිත්තෙන් කොළඹ විශ්වවිද්‍යාලයේදි ඊයේ (01) පැවති උත්සවයකදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා  පැවසීය.

ඒ ඒ පළාත් පාලන ආයතන සඳහා පත්කෙරෙන සහික සංඛ්‍යාව ඇතුළත් සංස්ථාපනය කිරීමේ ගැසට් නිවේදනය 2017 අප්‍රේල් 17 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත්කර ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

එ අනුව පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා විසින් නිකුත් කර ඇති එම ගැසට් නිවේදනයෙහි අදාළ නියමය 2017 ජූලි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක විය යුතු බව සඳහන්ව ඇති බැවින් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා බාරගැනීම ලබන ජූලි මස 2 දා තෙක් සිදු කිරීමට නොහැකි වන බව මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

(ADS)