FAST NEWS

24×7 Around the Globe

මාලදිවයින් විදේශ අමාත්‍යවරයා ජනපති හමුවෙයි..

ආපදාවට පත් ජනතාවට සහන ලබාදීම සඳහා මාලදිවයින් ජනපතිගේ විශේෂ නියෝජිතයෙකු ලෙස , දිවයිනට පැමිණ සිටින මාලදිවයින් විදේශ අමාත්‍ය ආචාර්ය මොහෙමඩ් අසීම් මහතා අද (02දා) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.

හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත් ශ්‍රී ලාංකීය ජනතාවට සහන සැලසීමට මාලදිවයින් රජයෙන් ලබාදුන් දායකත්වය පිළිබදව මෙහිදී ජනාධිපතිවරයා මාලදිවයින් රජය සහ ජනතාව වෙත සිය ස්තූතිය පිරිනැමීය.

(ADS)