FAST NEWS

24×7 Around the Globe

රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂවරු දෙදෙනෙකුට නඩු..

රජයට රුපියල් 34,54279ක අලාභයක් සිදුකිරීම ඇතුළු චෝදනා පහක් යටතේ රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරුන් දෙදෙනකුට වන චන්ද්‍රපාල ලියනගේ හා විමලසේන රූපසිංහ යන අයට  එරෙහිව අල්ලස් කොමිසම අද(02) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීය.

2014 දෙසැම්බර් 16 වැනිදා සිට 2015 ජනවාරි 15 දක්වා කාලයේ දී ජාතික රූපවාහිනියේ වැඩසටහන් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ මැදපෙරදිග හා යුරෝපා රටවලට වන් ශ්‍රී ලංකා නාලිකාව ඔස්සේ විකාශනය කිරීම සඳහා ඉතාලියේ නෝවා විෂන් සැටලයිට් නියෝජිත ආයතනයට ටෙන්ඩර් කැඳවීමකින් තොරව හෝ ගිවිසුමකින් තොරව ලබාදීම මොවුනට එල්ල වී ඇති ප්‍රධානම චෝදනාව වේ.

ඒ අනුව ඔවුනට ජූලි 7 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස  නොතීසි නිකුත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

(ADS)ා